තවත් දරුවෙක් අඩි 33ක් ගැඹුරු කුහරයක සිරවෙයි – ගලවා ගන්න මෙහෙයුමක්

තවත් දරුවෙක් අඩි 33ක් ගැඹුරු කුහරයක සිරවෙයි – ගලවා ගන්න මෙහෙයුමක්

ඇෆ්ඝනිස්ථානයේ දකුණු දිග සාබුල් පළාතේ ජීවත් වූ 09 හැවිරිදි දරුවෙක් දින දෙකක සිට අඩි 33ක් පමණ ගැඹුරු නළ ළිං කුහරයක මෙලෙස සිරව ඇති බවයි.

මෙලෙස සිරව ඇති ‘හයිදර්’ නැමැති දරුවා ගලවා ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි තලේබාන් නිලධාරීන් පැවසුවේ.

දරුවා හා සන්නිවේදනය කිරීම සඳහා මේ වනවිට සන්නිවේදන උපකරණයක් දරුවා වෙත යවා ඇති බව වාර්තා වන අතර එමඟින් දරුවා සමඟ දරුවාගේ පියා සන්නිවේදන කටයුතු සිදුකර ඇති බව සඳහන්.

“ඔයා හොඳින් ද මගේ පුතේ.. මාත් එක්ක කතා කරන්න.. අඬන්න එපා.. අපි ඔයා ව එළියට ගන්න වැඩ කරනවා” යනුවෙන් දරුවාගේ පියා දරුවාට කතා කර තිබෙනවා.

එයට පිළිතුරු දෙමින් “හරි.. මම දිගටම කතා කරන්නම්” යනුවෙන් දරුවා පැවසූ බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණේ.

පසු ගියදා මෙවැනිම සිදුවීමක් වාර්තාවුණා මොරොක්කෝවේ ‘රයන්’ නැමති 05 හැවිරිදි දරුවා ගැඹුරු නළ නළ ළිං කුහරයක සිරවී ජීවිතක්ෂයට පත් වීමේ පුවතයි.

https://bbc.in/34Iczvv