මුහුද මැද නෞකාවක් ගිනි ගනී – 11ක් අතුරුදන් (වීඩියෝ)

මුහුද මැද නෞකාවක් ගිනි ගනී – 11ක් අතුරුදන් (වීඩියෝ)

ග්‍රීසියේ කෝර්ෆු දූපත ආසන්නයේ දී යුරෝෆෙරි ඔලිම්පියා නැමැති ප්‍රවාහන නෞකාව ගිනිගැනීමකට ලක්ව තිබේ.

ගින්න හේතුවෙන් නෞකාවේ සිටි පුද්ගලයන් 11 දෙනෙකු අතුරුදන්ව අති බව විදෙස් මාධ්‍ය පවසයි.

කෙසේ වෙතත් සහන කණ්ඩායම් විසින් එහි සිරව සිටි 290 දෙනෙකු පමණ ඉන් ඉවත් කිරීමට සමත්ව තිබේ.

ග්‍රීසියේ ඉගෝමෙනිට්සා වරායේ සිට ඉතාලියේ බ්‍රින්ඩ්සි බලා යාත්‍රා කරමින් සිටි නෞකාවේ මෝටර් රථ අංගනයක ගින්න හටගෙන ඇති බව විමර්ශන වලදී අනාවරණ වී ඇත.

කාර්ය මණ්ඩලයේ 51 දෙනෙකු සහ මගීන් 239 දෙනෙකු යාත්‍රාවේ සිට ඇති අතර 277 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙන බවයි ග්‍රීසියේ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වාර්තා කර තිබේ.

ඉන් වැඩි පිරිසක් ඉතාලි ජාතිකයින් බව වාර්තා වේ.

https://bit.ly/3s32C4g