එලිසබත් මහ රැජිනටත් කොවිඩ්

බ්‍රිතාන්‍යයේ එලිසබත් මහ රැජිනට ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වී ඇතැයි බකිංහැම් මාලිගය නිවේදනය කළේය.
95 හැවිරිදි මහ රැජින සුළු සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයකින් පෙළෙන බවත්, වෛද්‍යවරුන් ඇය ගැන පැය 24 පුරා විමසිල්ලෙන් පසුවන බවත් බකිංහැම් මාලිගය වැඩි දුරටත් පවසා තිබේ. මහ රැජින රැඳී සිටින්නේ ඇයගේ වින්ඩ්සර් මන්දිරයේය.
දෙවැනි එලිසබත් මහ රැජින පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රා පමණක් නොව, බූස්ටර් එන්නත් මාත්‍රාව ද නියමිත පරිදි ලබා ගෙන ඇත.

