කලකට පසුව කුසල්ගේ පිත්ත කතා කරයි – අවසන් විස්සයි විස්සේ ජය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියාව අතර තරග 05කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරගය ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම අද (20) සමත් වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය ජයගත්තේ කඩුලු 05කින්.
නොදැවුණු ඉනිමක් දියත් කළ කුසල් මෙන්ඩිස් ලකුණු 69ක් රැස්කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගියා.
ඔහුට අනෙගි සහයක් ලබාදුන් දසුන් ශානක ලකුණු 35ක් රැස් කළා.

