ගුවන් ප්‍රහාරයකින් නයිජීරියාවේ ළමුන් හත් දෙනෙකු ජීවිතක්ෂයට

ගුවන් ප්‍රහාරයකින් නයිජීරියාවේ ළමුන් හත් දෙනෙකු ජීවිතක්ෂයට

නයිජීරියානු හමුදාව “කොල්ලකරුවන්” ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් නයිජීරියාවේ ළමුන් හත් දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නයිජීරියාවේ රාජ්‍ය රූපවාහිනිය ප්‍රකාශ කළේ ප්‍රහාරය Nachade ගම්මානයේදී මෙම ප්‍රහාරය සිදුවූ බවයි.

විපතට පත් වූවන්ගේ දෙමාපියන් උත්සවයකට සහභාගි වෙමින් සිටි බවත් ගුවන් ප්‍රහාර එල්ල වන විට දරුවන් සෙල්ලම් කරමින් සිටි බවත් ආණ්ඩුකාර අබුබකාර් මහතා සඳහන් කර තිබෙනවා.

2018 සිට නයිජර් කල්ලි ආක්‍රමණය වැළැක්වීම සඳහා නයිජීරියාව සමඟ ඇති දේශසීමාවේ හමුදා මුර සංචාර ශක්තිමත් කර ඇති බවයි පැවසෙන්නේ .

මරාඩි නගරයේ පාසලක ඇති වූ ගින්නකින් වයස අවුරුදු පහේ සහ හය හැවිරිදි ළමුන් 26 දෙනෙකු මිය ගොස් මාස තුනකට පසුව මෙම දරුවන්ගේ මරණය සිදුවී ඇති බව සඳහන්.

https://bit.ly/3LYsJl8