ඉන්ධන ගෙන්වීම අසීරුයි – ඉන්ධන වැඩිපුර භාවිතා කිරීමට සීමා

ඉන්ධන ගෙන්වීම අසීරුයි – ඉන්ධන වැඩිපුර භාවිතා කිරීමට සීමා

ජාත්‍යන්තරව ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් මෙරට ඉන්ධන අධි භාවිතය අඩු කළ යුතු තත්ත්වයකට පත්ව ඇතැයි ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

ඉන්ධන භාවිතය අඩු කිරීමේ උපක්‍රමයක් ලෙස ඉන්ධන මිල ඉහළ දැම්මොත් එහි අවාසිය සිදුවන්නේ අඩු ආදායම්ලාභීන් බවත් ඉහළ ආදායම් හිමි අයට මිල කොපමන වැඩි වුනත් ඉන්ධන භාවිතය සීමා නොකරන බවත් ඔහු පැවසීය.

ඒ අනුව ඉන්ධන ලබා දීමේදී අවශ්‍යම අයට අවශ්‍ය ප්‍රමාණය අනුවත් සෑම දෙනාටම යම්කිසි සීමාවක් අනුවත් ලබාදීමෙන් වැඩිපුර භාවිතා කිරීම වලකන සීමා කිරීමකුත් ඉන්ධන භාවිතයේ දී ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

ඒ ආකාරයෙන් ඉන්ධන භාවිතය අඩු කර ඉන්ධන ආනයනයද අඩු කර ගත හැකි බව ද ඔහු පැවසීය.