විදුලිබල මණ්ඩලයට ණයට තෙල් දෙන්න බෑ – ඇමති කියන කතාව

විදුලිබල මණ්ඩලයට ණයට තෙල් දෙන්න බෑ – ඇමති කියන කතාව

විදුලිබල මණ්ඩලයට ඉන්ධන ණයට දීමට නොහැකි බවත් විදුලි අර්බුදයක් එන බවට වසරකටත් පෙර සිට තමා කැබිනට් මණ්ඩලයට ලිඛිතව සහ වාචිකව 08 වතාවක් දැනුවත් කළ බවත් බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා පවසනවා.

මේ වන විට තෙල් සංස්ථාවද ඉන්ධන ලබා ගැනීමේ අර්බුදයකට ලක්ව සිටින බවත් තෙල් සංස්ථාවට නැප්තා ඩීසල් ලබාදෙමින් සිටින්නේ අත්පිට මුදලට බවත් ඇමැතිවරයා සඳහන් කර සිටිනවා.

ලෝකයේ ඉන්ධන හිඟයක් නොමැති බවත් තෙල් සංස්ථාවට විදුලිබල මණ්ඩලයෙන් පමණක් රුපියල් බිලියන 100 ක් ණය තිබී මේ වන විට ඉන් බිලියන 20 ක් ගෙවා ඇති බවත් පැවසූ ඇමැතිවරයා විදුලිබල මණ්ඩලය විසින් තෙල් සංස්ථාවෙන් ඉන්ධන ඉල්ලීම් කළේ පසුගිය ජනවාරි 24 වැනිදා සිට සතියකට බවත් අවධාරණය කර තිබෙනවා.

ඉන්පසු තෙල් සංස්ථාව ඉන්දියන් ඔයිල් සමාගමෙන් ඉන්ධන ලබා ගැනීමට කටයුතු කරන බවත් විදුලිබල මණ්ඩලයට කෙළින්ම ඉන්ධන ආනයනය කරන බවට ප්‍රකාශ කළත් එම දෙයාකාරයම ඉටුවී නොමැති බව තෙල් සංස්ථාවෙන් ඉන්ධන ඉල්ලීම හරහා පෙනී යන බවද ඇමැතිවරයා පවසනවා.