ජනවාරියේ මහ බැංකුව ඩොලර් මිලියන 230ක් විකුණලා

ශී‍්‍ර ලංකා මහ බැංකුව ඉකුත් ජනවාරි මාසයේදී දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ ශුද්ධ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 230.95ක් විකුණා තිබෙන බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා.
මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛන දක්වන පරිදි ජනවාරි මාසයේ දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ මහ බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 407.76 ක් විකුණා ඇති අතර එසේම දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් ඇමරිකානු ඩොලර් මිලියන 176.81 ක් මිලදී ගෙන ඇති බවද සඳහන්.
මේ අනුව ජනවාරි මාසයේදී මහ බැංකුව ශුද්ධ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 230.95 ක් විකුණා තිබෙනවා.
එසේම පසුගිය මාස තුනේදී එනම් 2021 නොවැම්බර්, දෙසැම්බර් යන මාස දෙකේදී සහ 2022 ජනවාරි මාසයේදී මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ විකුණා ඇති මුළු ඩොලර් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 1204.82 ක් වනවා.
එසේම මේ මාස තුනේ මහ බැංකුව මිලදී ගැනීමට කටයුතු කර ඇති මුළු ඩොලර් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 309.68 ක් බව ද මහ බැංකුවේ නවතම වාර්තාවලින් අනාවරණය වී තිබෙනවා.

