ජීවන් “නිදහස් පක්ෂය” අතහරී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැරූ සියලු තනතුරුවලින් හා පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව එම පක්ෂයේ උප සභාපති හා කැස්බෑව ආසනයේ ප්‍රධාන සංවිධායක , හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා පවසනවා.
“වසර 35ක් පමණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලනය කළා. නමුත් මම අද ඉතාමත් කණගාටුදායක තීරණයක් ගත්තා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැරූ සියලු තනතුරුවලින් හා වගකීම්වලින් ඉල්ලා අස්වීමට මා තීරණය කළා. ඒ බව පක්ෂයේ ලේකම්වරයාට ලිඛිතව දැන්ව්මට පියවර ගත්තා.
ඇත්තෙන්ම මේ තීරණය ගන්න හේතු ගණනාවක් තිබුණා . අද වෙන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන්ට කුමාරණතුංග භීතිකාවක් තිබෙනවා . ඒ නිසා ඔවුන් අපිට විවිධ කෙනෙහිලිකම් කරනවා. කාලයක් තිස්සේ ඒව අමාරුවෙන් ඉවසා දරාගෙන හිටියා . බැරිම තැන තමයි මම මේ තීරණය ගත්තේ ” යනුවෙන් අද (22) පැවති මාධ්‍ය හමුවක දී ඔහු සඳහන් කළා.

