මෙරට කිරි නිෂ්පාදනය වැඩි කිරීමට අලුත් ව්‍යාපෘතියක්

මෙරට කිරි නිෂ්පාදනය වැඩි කිරීමට අලුත් ව්‍යාපෘතියක්

මෙරට දියර කිරි නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාදකයන්ගේ ඵලදායීතාව සහ ගුණාත්මක භාවය ඉහළ දැමීම සඳහා නව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කීරමට අමාත්‍යමණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපදයේ මූල්‍ය ආධාර යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි අද (22) පැවති අමාත්‍යමණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අනාවරණය වුණේ.

අදාල යෝජනාව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසිනුයි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ.

ඒ අනුව 2024 සැප්තැම්බර් මාසය දක්වා මේ සඳහා අවශ්‍ය මූල්‍ය ආධාර ලබාදීමට එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එකඟතාව පළකර තිබෙනවා.

පෞද්ගලික කිරි නිෂ්පාදනකරුවන් 38 දෙනෙකු මෙම ව්‍යාපෘතියක් සඳහා එක්කර ගැනීමට නියමිතයි.