ලන්සාගෙන් ජනපතිට ලිපියක්

අමාත්‍යාංශයේ ප්‍රශ්න සම්බන්ධයෙන් ලිඛිත වාර්තාවක් ජනාධිපතිවරයාට බාරදුන් බව ග්‍රාමීය මාර්ග සහ අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා අද (23) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.
එම ලිපිය තුළ තමා සිය කාර්ය මණ්ඩලය ඉවත්කරගැනීමට හේතුව සහ තමන්ට මුහුණ දීමට සිදුවූ ගැටලු සම්බන්ධයෙන් සඳහන් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා එහිදී කියා සිටියේ.
“කරුණු 4ක් යටතේ ජනාධිපතිවරයා වෙත මම ලිඛිතව දැනුම්දුන්නා. මම බලාපොරොත්තුවෙනවා ජනාධිපතිවරයා ඒ පිළිබඳව කඩිනමින් පරීක්ෂණයක් සිදුකරයි කියලා. මොකද ඒක විසඳන්න පුළුවන් ජනාධිපතිවරයාට විතරයි” යනුවෙන් ඔහු එහිදී සඳහන් කළා.

