එඩ්නා ගිනි කන්ද ඇවිලෙයි

යුරෝපයේ උසම සහ වඩාත් සක්රියම ගිනි කන්ද ලෙස සැළකෙන ඉතාලියේ එඩ්නා ගිනි කන්දයි.
එය නැවත වරක් ඉන් කිලෝ මීටර් 10ක් පමණ දුරට දුම් සහ අළු නිකුත් වෙමින් විධාරණය වී තිබෙනවා. මේ හේතුවෙන් කතානියා ගුවන්තොටුපොළ වසා දැමුණු අතර අවට ගම්මාන කිහිපයකට ද බලපෑම් එල්ල වී තිබෙනවා.
මීටර් 3,330ක් උසැති එඩ්නා ගිනි කන්ද වසරකට කිහිපවරක් මෙසේ විධාරණය වන නමුත් ඉන් පුද්ගල හෝ දේපල හානි සිදුවී ඇත්තේ ඉතාම අඩුවෙන් බවයි වාර්තා වෙන්නේ.

