කෙරවලපිටිය කොටස් පැවරීමට එරෙහි පෙත්සම් නිෂ්ප්‍රභ කරන්නැයි නීතිපතිගෙන් ඉල්ලීමක්

කෙරවලපිටිය කොටස් පැවරීමට එරෙහි පෙත්සම් නිෂ්ප්‍රභ කරන්නැයි නීතිපතිගෙන් ඉල්ලීමක්

යුගදනවි ගිවිසුමට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් නීතිමය පදනමකින් තොර බැවින් ඒවා විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා ඊයේ (22) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ, කෙරවලපිටිය, යුගදනවි බලාගාර සමාගමට හිමි රජයේ කොටස්වලින් සියයට 40ක් අමෙරිකානු නිව් ෆෝට්රස් එනර්ජි සමාගම වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් අද සලකාබැලූ අවස්ථාවේදී.

ඒ අනුව අදාළ කොටස් පැවරීමේ ගිවිසුම අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන පෙත්සම් ඊයේ සලකාබැලීම සඳහා යළි කැඳවනු ලැබූ අවස්ථාවේදී සිය දේශනය ඉදිරිපත් කරමින් නීතිපති සංජය රාජරත්නම් මෙම ඉල්ලීම සිදු කර තිබෙනවා.