කොවිඩ් එන්නත අනිවාර්ය කිරීමේ නීතිය ලිහිල් කිරීමට නවසීලන්ත අගමැතිනිය සූදානම් වෙයි

කොරෝනා වයිරසයට එරෙහි එන්නත අනිවාර්ය කිරීම, සමාජ දුරස්ථභාවය හා පනවා ඇති නිරෝධායන නීති ලිහිල් කිරීමට සූදානම් බව නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය නිවේදනය කරනවා.
ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය ඉහළම අගයට පැමිණිමෙන් පසු මෙම පියවර ගන්නා බවයි අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩන් පවසන්නේ. වයිරසය සමාජය තුළ පවතිද්දී ජීවිතය සාමාන්‍ය පරිදි ගත කිරීමට කාලය පැමිණ ඇති බවද ඇය සදහන් කරනවා.
කෙසේ වුවද නීති ලිහිල් කිරීමක් තුළින් ජීවිත අවදානමක් ඇතිවීමට කිසිදු ඉඩක් නොතබන බවයි අග්‍රාමාත්‍යවරිය නිවේදනය කරන්නේ.

