සංවර්ධන ව්‍යාපෘති ජාතික සැලැස්මකට අනුව කරන්න, අගමැතිගෙන් උපදෙස්

කොළඹ ඇතුළු රට පුරා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ජාතික සැලැස්මට අදාළව ක්‍රියාත්මක කරන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක නාගරික පුනර්ජනන වැඩසටහන මෙන්ම, කොළඹ නාගරික පුනර්ජනන වැඩසටහන සඳහා සහය ව්‍යාපෘති සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ පැවති ප්‍රගති සමාලෝචන හමුවේදීයි.
2024 වනවිට නාගරික අඩු පහසුකම් ජනාවාස වෙනුවෙන් නිවාස 50,000ක් සාදා නිම කිරීමට අපේක්ෂා කරන බවයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා එහිදී ප්‍රකාශ කළේ.


