අද පැය පහකට ආසන්න කාලයක් විදුලිය කපයි

අද පැය පහකට ආසන්න කාලයක් විදුලිය කපයි

අද (24) දිනයේ කාණ්ඩ කිහිපයක් යටතේ දිවයින පුරා පැය පහකට ආසන්න කාලයක් විදුලිය කප්පාදු කිරීමක් සිදු වන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

කලාප 3 කට පැය 4 කුත් මිනිත්තු 40 ක කාලයක් හා අනෙකුත් කලාපවලට පැය 4 ක් හා මිනිත්තු 30 ක කාලයක් මෙලෙස විදුලිය කප්පාදු කරන බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ අනුව අද උදෑසන 8.30 සිට රාත්‍රී 10.30 දක්වා A,B,C කාණ්ඩ තුනෙහි උදෑසන කාලයේ පැය දෙකකුත් රාත්‍රී කාලයේ පැය දෙකයි විනාඩි 40කුත් විදුලිය කප්පාදු කෙරෙනවා.

ඉතිරි කාණ්ඩ සඳහා උදේ 8.30 සිට රාත්‍රී 9.30 දක්වා පැය හතරහමාරක විදුලි කප්පාදුවක් සිදුවන අතර එයත් උදෑසන කාලයේ පැය දෙකක් හා රාත්‍රී කාලයේ පැය දෙකයි විනාඩි 30 ක් ලෙස කොටස් දෙකකට විදුලිය කප්පාදු කරන බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.