එක්සත් රාජධානියෙන් රුසියාවට එරෙහිව දැඩි සම්බාධක

එක්සත් රාජධානිය පෙර නොවූ විරූ සම්බාධක රැසක් රුසියාවට එරෙහිව පනවන බව එක්සත් රාජධානියේ අමාත්‍ය ජේම්ස් ක්ලෙවර්ලි මාධ්‍ය වෙත පවසා තිබෙනවා.
සම්බාධක රැසක් අද දිනයේ සිට පනවන අතර ඉදිරි දිනවලදී තවත් බොහෝ සම්බන්ධක පනවනු ඇති බවයි වාර්තා වන්නේ.
ඒවා රුසියාව මෙතෙක් දැක ඇති දරුණුතම සම්බාධක වනු ඇති බවයි ජේම්ස් ක්ලෙවර්ලි ස්කයි නිව්ස් වෙත අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ.
යුක්රේනියානුවන් විසින් එක්සත් රාජධානිය ඔවුන් සමඟ සිටින බව දැන සිටිය යුතු බවත් රට ආරක්ෂා කිරීම සඳහා එක්සත් රාජධානිය යුක්රේනයට “සෘජු සහය” ලබා දෙන බවත් ඔහු සඳහන් කරනවා.
මේ වනවිට රටවල් පහකට අධික ගණනක් රුසියාවට එරෙහිව සම්බාධක පනවන බව නිවේදනය කර තිබෙනවා.

