යුක්‍රේනයට මිසයිල ප්‍රහාර – යුක්‍රේන සොල්දාදුවන්ට ආයුධ බිම තබන්නැයි රුසියානු ජනපතිගෙන් නියෝග

යුක්‍රේනයට මිසයිල ප්‍රහාර – යුක්‍රේන සොල්දාදුවන්ට ආයුධ බිම තබන්නැයි රුසියානු ජනපතිගෙන් නියෝග

තම රටට මිසයිල ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති බව යුක්‍රේන ජනපතිවරයා පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

යුක්‍රේන ජනපතිවරයා පවසන්නේ රුසියාව යුක්‍රේනයේ යටිතල පහසුකම්වලට සහ දේශසීමා ආරක්ෂකයන්ට මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බවයි.

යුක්‍රේනයේ ජනාධිපති Volodymyr Zelensky යුධ නීතිය ප්‍රකාශයට පත් කරන ලෙස ඔහුගේ ජාතික ආරක්ෂක සහ ආරක්ෂක කවුන්සිලයෙන් ද ඉල්ලා සිටිනවා.

මිට අමතරව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුක්‍රේනයේ ඩොන්බාස් කලාපයේ “මිලිටරි මෙහෙයුමක්” නිවේදනය කර තිබෙනවා

ඔහු නැගෙනහිර යුක්‍රේනයේ යුක්‍රේන සොල්දාදුවන්ගෙන් ඉල්ලා සිටින්නේ ආයුධ බිම තබා ආපසු සිය නිවෙස් කරා යන ලෙසයි.

මේ අතර කවුරුන් හෝ රුසියාව අල්ලා ගැනීමට උත්සාහ කළහොත් මොස්කව්හි ප්‍රතිචාරය “ක්ෂණික” වනු ඇතැයි රුසියානු ජනපති පුටින් අනතුරු අඟවා තිබෙනවා

යුක්‍රේනයේ විදේශ ඇමති රුසියාව පූර්ණ පරිමානයේ යුද්ධයක් ආරම්භ කරන බවට චෝදනා කරන අතර එය නැවැත්වීමට “හැකි සෑම දෙයක්ම කරන ලෙස” එක්සත් ජාතීන්ගෙන් ඉල්ලා සිටිනවා

රුසියාවට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඔහු පවසන ප්‍රතිවිපාක පිළිබඳව ඇමෙරිකානු ජනපති බයිඩන් ඇමරිකානුවන් අමතනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

නේටෝ ප්‍රධානී ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් පවසන්නේ මෙම භයානක අවස්ථාවේ යුක්‍රේනය සමඟින් සිටින බවත් සියලු මිත්‍ර රටවල් ආරක්ෂා කිරීමට අවශ්‍ය සියල්ල කරන බවත්ය.

https://on.ft.com/3HfnsSs

https://bit.ly/3BK5OVK