යුක්‍රේනය ගුවන් කලාපය වසා දමයි (වීඩියෝ)

යුක්‍රේනය ගුවන් කලාපය වසා දමයි (වීඩියෝ)

යුක්‍රේනය සිය ගුවන් කලාපය වසා දැමීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගුවන් ගමන්වල ආරක්ෂාව තහවුරු කිරීමට නොහැකි වීම හමුවේ මෙම පියවර ගත් බවයි.
සිවිල් ගුවන් මගින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම පියවර ‍ගත් බව එරට බලධාරිහු පවසති.

මේ අතර රුසියාවේ ප‍්‍රහාරක ගුවන් යානා 5 ක් සහ ප‍්‍රහාරක හෙලිකොප්ටර් යානාවක් බිම දැමූ බව යුක්රේන හමුදා පවසයි.

රුසියානු ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ මේ වන විට යුක්රේන මිසයිල ආරක්ෂණ පද්ධතිය සහ ගුවන් හමුදා කඳවුරු සම්පූර්ණයෙන්ම අඩපණ කර අවසන් බවයි.

https://bit.ly/3LQIieq