තම ආදරණීයයන් අහමි කරන යුද්ධය – යුක්රේනයට සමුදෙන්න හදන යුක්රේන වැසියන්

දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපීය රාජ්‍යයකට එල්ල වූ දැවැන්තම හමුදා ප්‍රහාරය ලෙසින් රුසියාව ඊයේ (24) ආරම්භ කළ යුක්රේන ආක්රමණයේ දී පැය විසි හතරක් ඇතුළත ජීවිත හානි 137 ක් වාර්තා වී තිබෙනවා.
යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි ප්‍රකාශ කළේ හමුදා සෙබළුන් මෙන්ම සාමාන්‍ය වැසියන් ද එලෙස මියගිය පිරිස අතර වන බවයි.
ගුවනින්, ගොඩබිමින් සහ මුහුදින් රුසියානු හමුදා යුක්රේනයේ උතුරු, නැගෙනහිර සහ දකුණු දේශසීමාවලින් ඊයේ කඩාවැදුණා.
හිදී ක්රියෆ් අගනුවරින් නික්මීමට ජනතාව පෙළ ගැසී සිටි අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළා. ජගත් සංවිධානය ප්‍රකාශ කළේ ලක්ෂයකට අධික පිරිසක් මේ වනවිට යුක්රේන අගනුවර හැරගොස් ඇති බවයි.
මේ අතර පන් ලක්ෂයකට අධික ජනගහණයක් වෙසෙන මරියුපොල් වරාය නගරයෙන් පිපිරීම් රැසක් වාර්තාවී තිබෙනවා.
එමෙන්ම ලොව දරුණුතම න්‍යෂ්ටික ආපදාව සිදු වූ චර්නෝබිල් බලාගාර සංකීර්ණය ද මේ වනවිට රුසියානු හමුදාව විසින් අත්පත් කරගෙන තිබෙනවා.
පැරණි සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව තිබූ යුක්රේනයේ චර්නෝබිල් න්‍යෂ්ටික බලාගාරය පිපිරීමට ලක්වූයේ 1986 වසරේදියි.
මේ අතර යුක්රේන ආක්‍රමණයට ප්‍රතිචාර දක්වමින් බ්‍රිතාන්‍යය සහ ඇමරිකා එක්සත් ජනපදය රුසියාවට එරෙහිව නව සම්බාධක පනවා ඇති අතර, බැංකු වත්කම් අත්හිටුවීමද ඊට ඇතුළත්.
කෙසේ නමුත් බැංකු අතර ගණුදෙනු තොරතුරු හුවමාරු වන ස්විෆ්ට් පද්ධතියෙන් රුසියාව ඉවත් කරලීම මෙතෙක් සිදුකර නොමැත්තේ එමඟින් අනෙකුත් රටවලට ද බලපෑම් එල්ලවීම හේතුවෙන්.
කෙසේ නමුත් ආක්‍රමණය සාධාරණීකරණය කරමින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් කියා සිටියේ රුසියාවේ ආරක්ෂාව තහවුරු කිරීමට වෙනත් මාර්ගයක් නොමැති බවයි.
එහෙත් යුක්රේන ආක්‍රමණය රුසියාවට දරුණු ප්‍රතිවිපාක අත්කරදෙනු ඇතැයි ඇමරිකානු ජනපති ජෝ බයිඩ්න් යළි අනතුරු ඇඟවීමක් කළා.
යුක්රේන ජනාධිපති වොලඩමයර් සෙලෙන්ස්කි සඳහන් කළේ සටන් කිරීමට සූදානම් ඕනෑම පුරවැසියෙකුට ආයුධ ලබාදෙන බවයි.
එමෙන්ම තමා සහ පවුලේ සාමාජිකයන් රුසියානු හමුදාවල අංක එකේ ඉලක්කය වුවත් යුක්රේන අගනුවර තවදුරටත් රැඳී සිටින බව ඔහු සඳහන් කළා.
රුසියානු ආක්‍රමණය හමුවේ අවසන් සෙබළා දක්වා සටන් කරන බවට යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි ප්‍රතිඥා ලබාදුන් අතර, මේ වනවිට අගනුවර ආසන්නයේ ගැටුම් උත්සන්න වී ඇති බව වාර්තාවනවා.
නගරයෙන් පිටත පිහිටි ගුවන් තොටුපල කේන්ද්‍ර කොටගෙන මේ වනවිට ගැටුම් ඇවිලී ඇති අතර, නගරයට ඇතුලුවීම සඳහා එය වැදගත් කේන්ද්‍රස්ථානයක් ලෙසයි සැළකෙන්නේ.
යුක්රේනයේ ප්‍රධාන නගර සහ හමුදා කඳවුරු වෙත ගුවන් සහ මිසයිල ප්‍රහාර අඛන්ඩව එල්ලවන අතර, රුසියානු යුද ටැංකි නගර, ගම් දනව් සිසාරා ඉදිරියට ඇදී එන බව සඳහන්.
මේ අතර න්‍යෂ්ටික අවි තර්ජනයක් පිළිබඳව ජනපති පුටින් සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ප්‍රංශ විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ නේටෝ සංවිධානය සතුවද න්‍යෂ්ටික අවි පවතින බව ඔහු වටහා ගත යුතු බවයි.
කිසියම් තුන්වන පාර්ශ්වයක් ගැටුම්වලට මැදිහත් වුවහොත් ක්ෂණිකව ප්‍රතිචාර දක්වන බවයි ජනපති පුටින් ප්‍රකාශ කළේ.
මේ අතර යුරෝපයේ සිය හමුදා බලඇණි ශක්තිමත් කරලීම සඳහා 7,000 කට අධික නව හමුදා කණ්ඩයක් එහි යැවීමට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් තීරණය කර තිබෙනවා.







