රුසියන් – යුක්‍රේන් අර්බුදය ගැන ශ්‍රී ලංකාවේ ස්ථාවරය පැහැදිලි කෙරේ

රුසියන් – යුක්‍රේන් අර්බුදය ගැන ශ්‍රී ලංකාවේ ස්ථාවරය පැහැදිලි කෙරේ

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම පිළිබඳව විදේශ අමාත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් වන්නේ යුක්රේනයේ ගැටුම්කාරී තත්ත්වය මෑතකදී උත්සන්නවීම සම්බන්ධයෙන් ලක් රජය දැඩි කණස්සල්ලට පත්ව සිටින බවයි.

එමෙන්ම උපරිම සංයමයකින් කටයුතු කරමින් එදිරිවාදිකම් වහා නතර කිරීමටත්, කලාපය තුළ සාමය, ආරක්ෂාව සහ ස්ථාවර භාවය පවත්වාගැනීමටත් කටයුතු කරන ලෙස ලක් රජය සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලීමක්ද කළා.

එමෙන්ම අර්බුදය රාජතාන්ත්‍රික මට්ටමින් ඍජු සංවාදයකින් විසඳා ගැනීමට කටයුතු කිරීමේ අවශ්‍යතාවද ශ්‍රී ලංකාව අවධාරණය කරනවා.