අපි අපේ ආයුධ බිම තබන්නේ නැහැ – යුක්රේන ජනපති (වීඩියෝ)

ඉදිරි පැය කිහිපය තුළ රුසියානු හමුදාව සිය අගනුවර වන කියෙව්හි බලය අත්පත් කරගනු ඇතැයි යුක්රේන ජනාධිපතිවරයා පවසයි.
යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙස්න්කි කියා සිටියේ, රුසියානු හමුදාව කුණාටුවක් මෙන් කඩා වදිනු ඇති බවයි.
ඉදිරි පැය කිහිපය සිය රට මුහුණ දෙන දුෂ්කරම පැය කිහිපය වනු ඇති බවත් , අපි අවසානය දක්වා සටන් කරන බවත්, එමගින් සිය රටේ අනාගත ඉරණම තීරණය කරනු ඇති බවත් ඔහු විඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේය.
මේ අතර, එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් වූ යුක්රේන ආක්‍රමණය කිරීම හෙළා දකින යෝජනාව සිය නිශේධ බලය භාවිත කරමින් ප්‍රතික්ෂේප කිරීමට රුසියාව පියවර ගත්තේය.
යෝජනාවට පක්ෂව ඡන්ද 11 ක් ලැබුණු අතර චීනය, ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ජන්දය දීමෙන් වැළකී සිටීම විශේෂත්වයකි.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයෙකු ලෙස රුසියාව, අදාළ යෝජනාවට එරෙහිව සිය නිශේධ බලය භාවිත කිරිම හමුවේ මෙම යෝජනාව අසාර්ථක වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
මේ අතර එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ ඒජන්සිය පවසන්නේ යුක්රේන ජාතිකයින් මිලියන පහක් පමණ සරණාගතයින් ලෙස අවට රටවල්වලට පලා ගොස් ඇති බවයි.
තවත් ලක්ෂයකට අධික පිරිසක් යුක්රේනය තුළ අවතැන් වී ඇතැයි එම ඒජන්සිය පෙන්වා දෙයි.

