යුක්‍රේනයේ දෙවන විශාලතම නගරයට රුසියා හමුදාව ඇතුළුවෙයි

යුක්‍රේනයේ දෙවන විශාලතම නගරයට රුසියා හමුදාව ඇතුළුවෙයි

යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කයිෆ් නගරයට රුසියා හමුදාව ඇතුළුවූ බව ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා නිවේදනය කරනවා. මිලියන එකයි දශම 4 ක් පමණ වන නගර වැසියන්ගෙන් නිවෙස් තුළට වී කාලය ගත කරන ලෙසයි ඔහු ඉල්ලා සිටින්නේ.

කාර්කයිෆ් නගරයට ඇතුළුවන රුසියා හමුදා කණ්ඩ ඉක්ක කර ගනිමින් යුක්‍රේනයේ හමුදාව ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා. ඉන් රුසියානු හමුදාවට දැඩි බලපෑමක් එල්ලවී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. නගර ආසන්නයේ ඇති ගෑස් ප්‍රවාහන නල පද්ධතියකටද රුසියා හමුදාව ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

මේ අතර රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සදහන් කළේ රුසියා හමුදාව තම රාජකාරි කටයුතු වීරත්වයෙන් යුතුව සිදුකරන බවයි. තමන් අත්පත්කර ගන්නා ප්‍රදේශයන්හි සාමාන්‍ය ජනතාවට අවශ්‍ය පහසුකම් ද සපයමින් රුසියා හමුදාව සිදුකරන මෙහෙයුම අගය කළ යුතු බවද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

යුක්‍රේනයේ අත්පත් කර ගැනීමට රුසියාවේ සහායට තම සෙබලුන් ලබාදෙන බව චෙච්නියා නායක රම්සන් කදිරොෆ් සදහන් කරනවා. රුසියාවට සහායදීමේ ප්‍රධාන අරමුණ ජීවිත හානි වැළැක්වීම බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.

https://bit.ly/3HkgL1C