රුසියන් – යුක්රේන් යුද්ධය දරුණු වෙද්දී, පුටින්ගේ තටු ගැලවෙයි

ජාත්‍යන්තර ජූඩෝ සංගමයේ ගෞරවනීය සභාපති ධුරය හිමි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ එම ධුරය අත්හිටුවා තිබෙනවා.
රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ජාත්‍යන්තර ජූඩෝ සම්මේලනයේ (IJF) ගෞරවනීය සභාපති ධුරය අත්හිටුවා ඇති බවයි ක්‍රීඩා පාලක මණ්ඩලය පවසන්නේ.
ජූඩෝ බ්ලැක්බෙල්ට් ක්‍රීඩකයෙකු වන 69 හැවිරිදි ඔහු විනය දැඩි ලෙස පුහුණු කරන්නෙකු වන අතර “ජුඩෝ: ඉතිහාසය, න්‍යාය, ප්‍රායෝගිකත්වය” නමින් පොතද රචනා කර තිබෙනවා.

