ශ්‍රී ලංකාවම සමානව සංවර්ධනය වන මෙවන් යුගයක් මීට පෙර තිබුණේ නැහැ

එක් ප්‍රදේශයකට හෝ පළාතකට සීමා නොවී සමස්ථ ශ්‍රී ලංකාවම එක හා සමානව සංවර්ධනය වන මෙවන් යුගයක් මීට පෙර නොතිබූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
කිරම කටුවන ඒකාබද්ධ ජල යෝජනා ක්‍රමය සහ කිරම බස් නැවතුම්පොළ ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ. සැමට පිරිසිදු පානීය ජලය ලබාදීමේ වැඩපිළිවෙල යටතේ ඔස්ට්‍රියා රජයේ සහ ශ්‍රී ලංකා රජයේ අරමුදල් යටතේ මෙම ජල යෝජනා ක්‍රමය ඉදිකර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය මගින් ග්‍රාමසේවා වසම් 34 කට පිරිසිදු පානීය ජලය ලබාදීම සිදුවනවා.
රුපියල් මිලියන 40 ක ආයෝජනයෙන් කිරම බස් නැවතුම්පොළ ද සංවර්ධනය කෙරුණා. මහින්ද චින්තන පුරනැගුම ව්‍යාපෘතිය යටතේයි එහි සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණේ. පසුගිය යහපාලන රජය සංවර්ධන කාර්ය සම්පූර්ණයෙන් නවතා තිබූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය පෙන්වාදෙනවා. කොරෝනා වංසගතය සමග දුෂ්කර කාලයක් නිමකළ ශ්‍රී ලංකාවට ඉදිරියේදී වඩා පහසු යුගයක් එළඹෙන බව ද අග්‍රාමාත්‍යවරයා පෙන්වාදුන්නා. මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, වාසුදේව නානායක්කාර, නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ඇතුලු පිරිසක් එක්ව සිටියා.


















