පාස්කු ප්‍රහාරයට කලින් කවුරුත් මාව දැනුවත් කළේ නැහැ, මෛත්‍රී දිවුරා කියයි

පාස්කු ප්‍රහාරයට කලින් කවුරුත් මාව දැනුවත් කළේ නැහැ, මෛත්‍රී දිවුරා කියයි

පාස්කු ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධයෙන් කිසිවෙකු තමන්ව දැනුවත් කර නොතිබූ බව දිවුරා ප්‍රකාශ කළ හැකි බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

අද (27) පොළොන්නරුව ප්‍රදේශයේ කතෝලික දේවස්ථානයක පැවැති උත්සවයකට සහභාගි වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පැවැසුවා.

පොළොන්නරුව නිර්මල දේවමාතා කතෝලික දෙව්මැදුරේ ප්‍රතිසංස්කරණය කෙරුණු ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ අවස්ථාවට අද (27) හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු පිරිසක් එක් වුණා.