කිරුළ පසෙක දමා තම රට වෙනුවෙන් යුද පිටියට ගිය සූරූපිණිය

යුක්රේනයට එරෙහිව රුසියාව ආරම්භ කළ යුද්ධය මේ වන විට මුලු මහත් ලෝකයේම අවධානය යොමුව තිබේ.
මෙම යුද්ධය අතිශය දරුණු අතට හැරෙද්දි, යුක්රේනයේ සාමාන්‍ය වැසියන් අවි ආයුධ අතට ගත්තා.
එසේම, යුක්රේනය ආරක්ෂා කරගැනීම උදෙසා එරට දේශපාලඥයින්ගේ සිට රූ රැජිණන් දක්වා සියලු පිරිස් සටන් බිමට ප්‍රවේශ වීමට සුදානම් වන බවට තොරතුරු වාර්තා වනවා.
මෙසේ සටන් බිමට පිවිසෙන්නට යන පිරිස් අතර හිටපු යුක්රේන රූප රාජිනියක් ද වනවා.

2015 වසරේදී මිස් ග්‍රෑන්ඩ් ඉන්ටර්නැෂනල් තරගයේදී යුක්රේනය නියෝජනය කළ අනස්ටේෂියා ලෙනා තම රට ආරක්ෂා කරගැනීම උදෙසා රුසියාවට එරෙහි සටනට එක්වී තිබෙනවා.
ඇගේ ඡායාරූප කිහිපයක් සමාජ ජාල මාධ්‍යයේ මේ වන විට හුවමාරු වෙමින් තිබෙනවා.





