තවත් නඩුවකින් බැසිල් නිදහස්

තවත් නඩුවකින් බැසිල් නිදහස්

සමෘධි අමාත්‍යාංශයේ මුදල් අවභාවිත කළ බවට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් පනවා තිබූ නඩුවෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ නිදොස් කොට නිදහස් කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත්වරයා අද තීන්දු කළා.

ඒ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම නඩුව අද කැඳ වූ අවස්ථාවේ දී නීතිපතිවරයා විසින් මෙම නඩු කටයුත්ත තවදුරටත් පවත්වාගෙන යාමට අදහස් නොකරන බවට අධිකරණය වෙත දැනුම් දීමෙන් අනතුරුවයි.