පුටින්ගේ කළු පටිය ගැලවෙයි

පුටින්ගේ කළු පටිය ගැලවෙයි

ජාත්‍යන්තර ජුඩෝ සම්මේලනයේ ගෞරවනිය සභාපති තනතුරෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඉවත් කිරීමට ජුඩෝ සම්මේලනය තීරණය කර තිබෙනවා.

මේ වසරේ රුසියාවේදී පැවැත්වීමට නියමිත ජුඩෝ තරඟාවලිය ද අවලංගු කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ගෞරවනීය ටයිකොන්ඩෝ කළු පටිය නැවත කඳවීමට ලෝක ටයිකොන්ඩෝ සම්මේලනය තීරණය කර තිබෙනවා.

ලෝක ටයිකොන්ඩෝ සම්මේලනය විසින් මීට පෙර රුසියානු ජනාධිපතිවරයාට ටයිකොන්ඩෝ ක්‍රීඩාව සඳහා ගෞරවනීය කළු පටියක් ප්‍රදානය කර තිබුණා.

කෙසේ වෙතත් රුසියානු ජනාධිපතිවරයාගේ යුක්රේන ආක්‍රමණය හේතුවෙන් මෙම ගෞරවනීය කළු පටිය ඉවත් කිරීමට යි ලෝක සම්මේලනය තීරණය කර ඇත්තේ.

මේ අතර ලෝක පාපන්දු සම්මේලනය හා යමින් ජාත්‍යන්තර රග්බි සංගමය ද රුසියාව සහ බෙලරුසියාව යන රටවල් දෙකේ ම සාමාජිකත්වය අත්හිටුවා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර රග්බි සංගමය සඳහන් කරන්නේ, නැවත දැනුම් දෙන තුරු ඔවුන්ගෙ සාමාජිකත්වය අත්හිටුවන බවයි.

මිට අමතරව බෙලරුස් හි පැවති රුසියාව සහ යුක්‍රේනය අතර සාකච්ඡා අවසන් කර නියෝජිත කණ්ඩායම් සිය රටවලට පිටත්ව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

දෙවන සාකච්ඡා වටයකුත් ඔවුන් අතර පැවැත්වෙනු ඇති බවටයි විදෙස් මාධ්‍ය විශ්වාසය පල කරන්නේ.

https://bit.ly/3Hvos52