රුසියාවට හොලිවුඩ් සිනමාවෙනුත් තර්ජනයක්

රුසියාවට හොලිවුඩ් සිනමාවෙනුත් තර්ජනයක්

ඩිස්නි, වෝනර් බ්‍රදර්ස් සමාගම විසින් යුක්රේන ආක්‍රමණය හේතුවෙන් රුසියාවට චිත්‍රපට නිකුත් කිරීම නැවැත්වීමට තීරණය කර තිබෙනවා.

පෙබරවාරි 28 විදෙස් පුවත් සේවා වාර්තා කරන පරිදි ප්‍රධාන හොලිවුඩ් චිත්‍රාගාර දෙකක් වන ඩිස්නි සහ වෝනර් බ්‍රදර්ස් සමාගම් විසිනු යි මෙම තීරණය ගෙන ඇත්තේ.

යුක්රේනය ආක්‍රමණය කිරීම සහ දිග හැරෙමින් පවතින මානුෂීය අර්බුදයට ප්‍රතිචාර වශයෙන්, රුසියාව තුළ ඉදිරියට එන චිත්‍රපට සඳහා මෙම තහනම ක්‍රියාත්මක වනු ඇති.

වෝල්ට් ඩිස්නි සමාගම (DIS.N) ඊයේ (28) ප්‍රකාශ කළේ රුසියාවේ නාට්‍ය චිත්‍රපට නිකුත් කිරීම නවත්වන බවත්, එළඹෙන Pixar Animation Studios නිකුතුව වන “Turning Red” සමඟින් ආරම්භ කිරීමට සිය සමාගම තීරණය කර ඇති බවයි.

ප්‍රකාශ කළේ මෙම සතියේ “The Batman” සිනමා පටය ද රුසියාවේ නිකුත් කිරීම නවත්වන බවයි.

වත්මන් තත්ත්වය මොහොතින් මොහොත වෙනස් වන බැවින් ඒ සඳහා අදාළ ව්‍යාපාරික තීන්දු සහ තීරණ අදාළ අවස්ථාවන්හි දී ගැනීමට අප කටයුතු කරනවා”යනුවෙන් ඩිස්නි සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

https://bit.ly/35Dftl4