යුක්‍රේනයේ කාර්කයිව් නගරයට රුසියාවෙන් ප්‍රහාර මාලාවක්

යුක්‍රේනයේ කාර්කයිව් නගරයට රුසියාවෙන් ප්‍රහාර මාලාවක්

යුක්රේනයේ කාර්කයිව් නගරයට රුසියා හමුදා දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ලකර තිබෙනවා.

යුක්රේනයේ දෙවන වැඩිම ජනගහනයක් වාසය කරන කාර්කයිව් නගරය ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාරවලින් සාමාන්‍ය වැසියන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 112 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

නගරයේ හමුදා ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර ද එල්ල කිරීමටයි රුසියාව පියවර ගෙන ඇත්තේ. මේ අතර කාර්කයිව් නගරයේ පොලිස් දෙපාර්තමේන්තුව ඉලක්ක කර ගනිමින් එල්ල වූ රොකට් ප්‍රහාරයෙන් එම ගොඩනැගිල්ලට දැඩි අලාභ හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එම ගොඩනැගිල්ලට යාබදව පිහිටා ඇති ගොඩනැගිලි කීපයකට ද අලාභහානි සිදුව තිබෙනවා.