යුක්‍රේනයේ කෙර්සන් නගරය රුසියාව අතට – රුසියන් හමුදාව දැන් ඉලක්කයට ඔන්න මෙන්න

යුක්‍රේනයේ කෙර්සන් නගරය රුසියාව අතට – රුසියන් හමුදාව දැන් ඉලක්කයට ඔන්න මෙන්න

යුක්‍රේනයේ කෙර්සන් නගරය රුසියානු හමුදා යටතට පත්ව තිබෙනවා.250,000ක පමණ ජනතාවක් එහි ජිවත්වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

මිට අමතරව රුසියන් හමුදා කීව් අගනුවර අත්පත් කර ගැනීමට ආසන්න බව විදෙස් මාධ්‍ය පවසයි. නගරය වට කළ රුසියන් හමුදා, කීව් අගනුවර වැසියන්ට පවසා ඇත්තේ වහා නගරයෙන් පිටවී යන ලෙසය.

නගරයෙන් පිටවීමට ප්‍රධාන අධිවේගී මාර්ගය භාවිතයට ගන්නා ලෙසත් කිසිවකුට අනතුරක් සිදු නොකරන බවත් රුසියන් හමුදාව පොරොන්දු වී ඇතැයි ද පැවැසෙයි.

නගරය අත්හැරීම ප්‍රතික්ෂේප කරන යුක්රේන ආරක්ෂක අංශ සාමාජිකයන්, සිවිල් වැසියන් පමණක් නොව යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි ද චෝදනා කර ඇත්තේ රුසියන් හමුදා සිවිල් ඉලක්ක වෙත දිගටම ගුවනින් බෝම්බ ප්‍රහාර එල්ල කරන බවය.

රුසියන් හමුදාව ප්‍රහාර සඳහා අධි බලැති රික්තක බෝම්බ ද යෝදා ගන්නා බවට යුක්රේන හමුදා චෝදනා නගයි.

මේ වනවිට රුසියන් ප්‍රහාර හේතුවෙන් මියගිය යුක්රේන සිවිල් වැසියන් ගණන 536 ක් බවත්, දරුවන් 14 දෙනකු ඒ අතර සිටින බවත් වාර්තා වේ. රුසියන් ප්‍රහාර හේතුවෙන් තුවාල ලැබූ ගණන 400 කි.