සෞඛ්‍ය සේවකයින් අද සිට යළිත් බලය පෙන්වයි

සෞඛ්‍ය සේවකයින් අද සිට යළිත් බලය පෙන්වයි

අද (02) දිනයේ සිට යළිත් පැය 48ක වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ, වැටුප් විෂමතා ඇතුළු සිය ඉල්ලීම් වලට විසඳුම් ලබාදීමට රජය මෙතෙක් අපොහොසත්වීම හේතුවෙන්.

වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් හෙද පරිපූරක අතුරු වෛද්‍ය ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති 18ක් පසුගිය මස 07 වනදා සිට දින 09ක් අඛණ්ඩ වර්ජනයක නිරත වුණා.

අනතුරුව සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් එම වර්ජනය අත්හිටුවීමට තීරණය කළා.

කෙසේ වෙතත් එම සාකච්ඡාවේදී ගත් තීරණ මෙතෙක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් යළිත් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර තිබෙනවා.