ජෝ බයිඩන්ට උතුර දකුණ මාරු වෙයි

ජෝ බයිඩන්ට උතුර දකුණ මාරු වෙයි

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, කොංග්‍රස් මණ්ඩලය අමතමින් යුක්රේන වැසියන් ගැන කතා කරද්දී පටලැවිල්ලක් සිදුවිය.ඒ, ඔහු කොංග්‍රස් මණ්ඩලය හමුවේ දිගින් දිගටම රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් විවේචනය කරද්දීය.

බයිඩන්, පුටින්ට දොස් නගමින් සිටිද්දී, යුක්රේන වැසියන් වෙනුවට ඉරාන වැසියන් යැයි කියයි.

බයිඩන් මෙසේ මෙසේ පවසද්දී, කොංග්‍රස් සාමාජිකයන් අතරේ කසුකුසුවක් ද ඇති වන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා ඔස්සේ දකින්නත් අසන්නත් ලැබේ.

බයිඩන් පැවැසුවේ, පුටින් යුද ටැංකිවලින් කීව් අගනුවර වට කර තිබෙනවා. ඒත් ඔහුට කවදාවත් ඉරාන වැසියන්ගේ හදවත් දිනා ගන්න හැකිවෙන්නේ නැහැ යනුවෙනි.

බයිඩන්ට වැරදීමක් සිදුවන බව ඔහු පසුපස අසුන්ගෙන සිටින උප ජනාධිපතිනී කමලා හැරිස්ට වැටහුණත්, ජනාධිපති බයිඩන්ට එය වැටහෙන්නේ හෝ ඔහු එය නිවැරදි කරන්නේ හෝ නැත.

https://bit.ly/3IBpcad