ඇමරිකාවෙන් ඉන්දියාවට තර්ජනයක්

රුසියාව සහ යුක්රේනය අතර පවතින ගැටුමේදී ඉන්දියාව මුල සිටම සිටින්නේ පැරණි මිතුරා වන රුසියාව සමඟයි.
රාජ්‍ය තාන්ත්‍රිකව තම ස්ථාවරය මධ්‍යස්ථව තබාගෙන සිටින අතර ඉන්දියාව මෙතෙක් රුසියාවට හඬ නගා විරුද්ධ වී නැහැ. ඉන්දියාවේ මෙම ස්ථාවරයට ඇමරිකාව දැඩි විරෝධයක් එල්ල කිරීමට පටන් ගෙන තිබෙනවා.
ඇමරිකානු මාධ්‍ය වාර්තාවට අනුව වොෂින්ටනය දැඩි ස්වරයෙන් ඉන්දියාවට රාජ්‍යතාන්ත්‍රික පණිවිඩයක් යවා තිබෙනවා. රුසියාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ ඡන්ද විමසීමේදී ඉන්දියාව සිටියේ නැහැ. මේ වෙලාවේ ඇමරිකාව විතරක් නෙවෙයි ජර්මනිය, ප්‍රංශය වගේ බලවත් රටවල් වගේම NATO, european Union වගේ සංවිධානත් රුසියාවට විරුද්ධයි. ඒ තිබියදීත් ඉන්දියාව නැවත නැවතත් ප්රශ්නය සංවාදයෙන් විසඳා ගැනීමට අවධාරනය කරනවා.
විදේශ කටයුතු අමාත්‍යාංශය අදාළ පාර්ශ්ව වෙත රාජ්‍යතාන්ත්‍රික කේබල් හරහා රහස්‍ය පණිවිඩ යවා තිබෙනවා. එවැනි පණිවිඩ රටක විදේශ ප්‍රතිපත්තිය කියා පානවා. ඒ විතරක් නෙවෙයි, මේ පණිවිඩය විවිධ තානාපති කාර්යාලවලට යවන්න කලින් විවිධ නිලධාරීන් ලවා පරීක්ෂා කරනවා. රාජ්‍ය තාන්ත්‍රික කේබල් ප්‍රධාන වශයෙන් භාවිතා කරනුයේ විදේශගතව සිටින රාජ්‍ය තාන්ත්‍රිකයින්ට අභ්‍යන්තර ප්‍රතිපත්ති තීරණ සහ මාර්ගෝපදේශ ලබා දීමට යි.
රටවල් 50 ක එක්සත් ජනපද තානාපති කාර්යාල වෙත පණිවිඩයක් යවා තිබෙනවා.
සඳුදා මානව හිමිකම් කවුන්සිල රැස්වීමට මොහොතකට පෙර රටවල් 50 ක පමණ එක්සත් ජනපද තානාපති කාර්යාල වෙත මෙම රාජ්‍ය තාන්ත්‍රික කේබලය යවා තිබෙනවා. මේ සම්බන්ධයෙන් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අමතා කළ විමසීමකදී රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයා විසින් එය අත්වැරැද්දක් ලෙස හැඳින්වූ බව එම ප්‍රකාශකයා කියා සිටියේ එවැනි භාෂාවක් කිසිසේත් අනුමත නොකරන බවයි.

