යුක්‍රේන් න්‍යෂ්ටික බලාගාරයට රුසියාවෙන් ප්‍රහාරයක් – රුසියා යුක්‍රේන් වත්මන් තත්ත්වය

යුක්‍රේන් න්‍යෂ්ටික බලාගාරයට රුසියාවෙන් ප්‍රහාරයක් – රුසියා යුක්‍රේන් වත්මන් තත්ත්වය

යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය වන යුක්රේනයේ සපොරිෂියා බලාගාරය රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාරවලින් ගිනිගැනීමට ලක් වී තිබෙනවා.

මේ හේතුවෙන් ජාත්‍යන්තර පරමාණු බලශක්ති අධිකාරියේ අවධානය ඊට යොමු ව ඇති බව වාර්තා වනවා.

ඒ සම්බන්ධයෙන් යුක්රේන බලධාරීන් සමඟ සාකච්ඡා කළ බවයි ජාත්‍යන්තර පරමාණු අධිකාරිය සඳහන් කළේ.

බලාගාරයේ ප්‍රකාශකයෙකු ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ කියා සිටියේ, මෙමඟින් දැවැන්ත අනතුරුදායක බවක් මතුවන බවයි.

කෙසේ නමුත් රුසියානු හමුදා බලාගාරය වෙත බර අවිවලින් පහරදීම මේ වනවිට නතර කර ඇති බව ඔහු කියා සිටියා.

එහෙත් ෂෙල් වෙඩි ප්‍රහාර සහ අවි ගැටුම් හේතුවෙන් ගින්න පවතින ස්ථානයට පිවිසීම දුෂ්කර වී ඇති බව සඳහන්.

යුක්රේනයේ බලශක්ති අවශ්‍යතාවයෙන් සියයට 25ක් සපුරාලන සපොරිෂියා න්‍යෂ්ටික බලාගාරය පසුගිය දිනවල අලුත්වැඩියා කරමින් පැවති අතර, එහි විදුලි ජනනය තාවකාලිකව නතර කර තිබෙනවා.

එහෙත් එහි න්‍යෂ්ටික ඉන්ධන පැවතීම අනතුරුදායක තත්ත්වයක් ලෙසයි සැලකෙන්නේ.

මේ අතර, රුසියානු ආක්‍රමණය හමුවේ අවතැන් වන යුක්රේන සිවිල් වැසියන් ඉවත් කිරීම සඳහා මානුෂීය කොරිඩෝවක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය ම අවබෝධයකට පැමිණ ඇතැයි වාර්තා වනවා.

ඊයේ පැවති දෙවන වටයේ සාකච්ඡාවලදී යි මෙම තීරණයට එළඹ ඇත්තේ.

කෙසේ වෙතත් සාකච්ඡාවලට එක්වූ යුක්රේන නියෝජිතයෙක් ප්‍රකාශ කර ඇත්තේ, රුසියාව සමඟ දෙවන වටයේ සටන් විරාම සාකච්ඡාවලින් බලාපොරොත්තු වූ ප්‍රතිඵල නොලැබුණු බවයි.

https://bit.ly/3IK105t

රුසියානු යුක්රේන ආක්‍රමණයේ මේ වන විට තොරතුරු ටිකක්…

👉 රුසියානු හඩ වාරණය කරමින් සහ යුක්රේන හමුදා ලබන කුඩා ජයග්‍රහණ පවා අතිශෝක්තියට නංවමින් ඒකපාර්ශවික බටහිර අධිපති මාධ්‍ය වලල්ල යුද්ධයේ සැබෑ තත්වය විකෘති කරන බව යුක්රේනයෙන්ම සෘජුව ලැබෙන තොරතුරු සනාථ කරමින් තිබේ..

👉 යුක්රේනය යනු යුරෝපයේ දෙවැනි විශාලතම රටයි.. එය විශාලත්වයෙන් දෙවැනි වන්නේ රුසියාවට පමණි.. බටහිර මාධ්‍ය කියන පරිදි එම භූමිය දින දෙක තුනකින් අල්ලා ගැනීමට නම් යුක්රේන හමුදා ආයුධ බිම තබා නිකම් බලා සිටිය යුතුය..

👉 රුසියානු හමුදා සිය සැලසුම් අනුව අක්ෂ 4ක් ඔස්සේ ඉදිරියට ඇදෙමින් තිබේ.. බෙලාරුස් දේශ සීමාවේ සිට කීව් අගනුවර දෙසට එන කිලෝමීටර් 60ක් දිග රුසියානු සන්නද්ධ රථ පෙල කීවී අගනුවරට කිලෝමීටර් 15කට නුදුරු දුරකින් නතර වී සිය ප්‍රහාර සදහා සූදානම් වෙමින් තිබේ.. ඔවුන් කීව් හී සාමාන්‍ය වැසියන්ට නගරයෙන් පිටව යන ලෙස දැනුම් දී ඇත්තේ මීලඟ ප්‍රහාරය ඉතා බිහිසුනු එකක් වන බවට අනතුරු අගවමින්ය..

👉 එසේම ක්‍රිමියාවේ සිට බටහිරට ආ සේනාංක දකුණු යුක්රේනයේ කේර්සන් ප්‍රධාන වරාය නගරය ඇතුළු උප නගර ගණනාවක් මුළුමනින්ම අත්පත් කර ගෙන ඇති අතර නැගෙනහිරට ගිය සේනාංක ගිනිකොන දිග යුක්රේනයේ යුක්රේන පාලනයේ ඇති අවසන් ප්‍රදේශය වන මරියපෝල් ප්‍රධාන නගරය වට කොට අවසාන ප්‍රහාරය සදහා සූදානම් වෙමින් සිටී.. එම නගරයෙන්ද සාමාන්‍ය වැසියන්ට පිටව යන ලෙස නියෝග දී ඒ සදහා ආරක්ෂිත මාර්ග ඇති කිරීමට පවා රුසියානු හමුදා පියවර ගෙන තිබේ..

👉 තුන්වන අක්ෂය ලෙස නැගෙනහිර යුක්රේනයේ ඩොන්බාස් ප්‍රදේශයෙන් දකුණට එන රුසියානු සේනාංකද එම ප්‍රදේශවල සියළු නගර තම ග්‍රහණයට ගනිමින් මරියපෝල්හීදී ක්‍රිමියාවෙන් ඉහළට ආ සේනාංක සමඟ එක්ව ඇත..

👉 ඊට අමතරව හතරවන අක්ශය ඔස්සේ යුක්රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් වෙත ආ සේනාංක එම නගරය වටලා එහි බලය අත්පත් කර ගැනීමේ අවසන් ප්‍රහාර අරබා තිබේ..

👉 මේ සේනාංකවලට අමතරව රුසියානු හමුදාවේ සමූද්‍ර සංග්‍රාමික සේනාංක රැගත් නෞකා සිය ගණනක් ගිනිකොන දිග ක්‍රිමියාවේ සිට කළු මුහුදට මේ මොහොත වන විට යාත්‍රා කරමින් ඇති බවත්, එම සේනාංක දකුණු යුක්රේනයේ ප්‍රධානතම නගරය මෙන්ම යුක්රේනයේ තුන්වන විශාලතම නගරය වන ඔඩෙස්සා වරාය නගරයට ගොඩබැස එම නගරය අත්පත් කර ගැනීමේ මෙහෙයුම් අරබනු ඇති බවත් අනුමාන කර ඇත.. එම සේනාංක වලට කේර්සන් නගරය අත්පත් කර ගත් පාබල සේනාංක ඔඩෙස්සාවේදී එක් වීමට නියමිත බවද පැවසේ..

👉 මෙතෙක් පැවති සටන් වලදී සාමාන්‍ය වැසියන්ට අවම හානි වන සේ යුක්රේන හමුදා විනාශ කිරීමේ සැලසුමක් රුසියානු හමුදා අනුගමනය කරන බව යුක්රේනයෙන් සෘජුවම අපිට ලැබෙන තොරතුරු සනාථ කරයි.. (සෘජු සබදතා ඇති යුක්රේන නාවික මිතුරන් විශාල පිරිසකගෙන් දිනපතා එහි තොරතුරු අප වෙත ලැබේ..)

👉 රුසියානු හමුදාවේ එක් සේනාංකයකට අණදුන් මේජර් ජෙනරාල් ඇන්ඩ්‍රේ සුකොවෙට්ස්කි ඉලක්ක කර ප්‍රහාරයක් සාර්ථකව එල්ල කිරීමට යුක්රේන හමුදාවේ ස්නයිපර් භටයෙකු සමත් වී ඇත.. එය යුක්රේන හමුදා ලැබූ පැහැදිළි ජයකි..

👉 ක්‍රිමියා සමූද්‍ර සන්ධියට උතුරින් සහ කීව් අගනුවරට ගිනිකොන දිගින් රට අභ්‍යන්තරයේ පිහිටි ඉනෙගොඩාර් නගරය ආසන්නයේ පිහිටි යුරෝපයේ විශාලතම න්‍යශ්ඨික බලාගාරය සහිත ප්‍රදේශයේ මේ වන විට දෙපාර්ශවයේ හමුදා අතර දරුණු සටන් ඇවිලයමින් ඇති අතර එම ගැටුම් නිසා බලාගාරය ආසන්නයේ විශාල ගින්නක් හට ගෙන තිබේ.. යම් හෙයකින් එම න්‍යශ්ඨික බලාගාරය පුපුරා ගිය හොත් එමගින් චෙර්නොබිල් න්‍යශ්ඨික පිපිරුම මෙන් කිහිපගුණයක බිහිසුණු හානියක් සිදු විය හැකි බවට අනතුරු ඇගවීම් නිකුත් වී ඇත..

👉 කළු මුහුදේ ඔඩෙස්සා වරාය ආසන්නයේදී මුහුදු බෝම්බයකට හසු වීමෙන් එස්ටෝනියා ධජය සහිත වෙළඳ නෞකාවක් මුහුදේ ගිලී ගොස් තිබේ.. බංගලාදේශ වෙළඳ නෞකාවකට එම ප්‍රදේශයේදීම එල්ල වූ රොකට් ප්‍රහාරයකින් එහි තෙවැනි ඉංජිනේරු නිලධාරියා මියගොස් තිබේ.. ඊට අමතරව ඔඩෙස්සා වරාය ආසන්නයේදී තවත් වෙළඳ නෞකා ගණනාවක් වෙඩි ප්‍රහාරවලට මැදිවී ඇති අතර ඒවායේ කාර්ය මණ්ඩල නෞකා තුල කොටු වී ඇති බව සදහන්..

👉 අද රුසියානු ජනාධිපතිවරයා සමඟ පැවති විනාඩි 90ක දුරකතන ඇමතුමකින් පසු ප්‍රංශ නායකයා පැවසුවේ දරුණුතම ව්‍යසනය තවමත් යුක්රේනයට ලගා වී නැති බවත් එය ඒමට නියමිත බවත්ය..

අවසාන වශයෙන් මතක් කල යුත්තේ යුද්ධය කිසිවෙකුට සුවදායක නොමැති බවත් හේතු නැතිව යුද්ධ හට නොගන්නා බවත්ය.. රුසියානු රාජ්‍යයට විරුද්ධවම ගොඩ නැගූ නේටෝ සංවිධානය රුසියානු පිලිකන්නේ කඳවුරු ලා ගන්නා තෙක් ජනාධිපති පුටින්ට දෑත් බැඳ බලා සිටින්නට තිබුනා නේදැයි කිසිවෙකුට අවශ්‍ය නම් ප්‍රශ්ණ කලද හැකිය..