ආණ්ඩුව හදපු කට්ටියව එළියට දාලා, තව ඔතැනින් ගොඩක් අය එනවා – රාජිත සේනාරත්න

ආණ්ඩුව හදපු කට්ටියව එළියට දාලා, තව ඔතැනින් ගොඩක් අය එනවා – රාජිත සේනාරත්න

විමල්ලට ඔහොම කරානම් අනිත් අයගැන මොන කතාද? තව ඉස්සරහට ඒගොල්ලෝ නොසිතු ගනන් ඔතැනින් ගලනවා සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ඊයේ මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු දෙමින්.

ඔහු දැක්වූ අදහස්,

දැන් ඔය අයින් කරලා තියන්නේ මේ ආණ්ඩුව හදපු ඇමතිවරු, බැසිල් රාජපක්ෂ රට දාලා යන කොට මහින්ද රාජපක්ෂ කාල්ටන් එකට ගිහිල්ලා නැවත දේශපාලනය කරන් නැහැ කියනකොට, නුගේගොඩ මහින්ද සුලඟ කියලා මහින්ද නැති සුළඟක් ආරම්භ කරපු මිනිස්සු තමයි විමල්, උදය කියන්නේ.

අපි ඒගොල්ලන් එක්ක දේශපාලනයෙන් වෙනස්,නමුත් කළගුණ බැලුවනම් ඒ ගොල්ලෝ තමයි. ඒක නිසා තමයි මහින්ද රාජපක්ෂම කිව්වේ විමල් දෙවැනි වෙන්නේ මට විතරයි කියලා.ඉතින් අද ඒ කට්ටියව එළියට දාලා තියෙනවා.

ආණ්ඩුව හදපු කට්ටියව එළියට දාලා, හදපු ආණ්ඩුවේ වාඩි වෙලා ඉන්න කට්ටිය ආණ්ඩු කරනවා, විමල්ලට ඔහොම කරානම් අනිත් අයගැන මොන කතාද? තව ඉස්සරහට ඒගොල්ලෝ නොසිතු ගනන් ඔතැනින් ගලනවා යනුවෙන් පැවසීය.