ඉදිරි මැතිවරණ පොහොට්ටුවෙන් ඉවත්වී තරග කරන්න ශ්‍රීලනිපයෙන් තීරණයක් ?

ඉදිරි මැතිවරණ පොහොට්ටුවෙන් ඉවත්වී තරග කරන්න ශ්‍රීලනිපයෙන් තීරණයක් ?

ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ සඳහා පොදුජන පෙරමුණ සමග සන්ධානගතව තරග නොකිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

එහිදී සංවිධායකවරුන් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරග කළ යුතු බවය.

අද (05) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්, නියෝජිතයින්, මන්ත්‍රීවරුන් සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැවති හමුවේදී ඔවුන් මේ බව සඳහන් කර තිබේ.

ඒ අනුව එය පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ දේශපාලන මණ්ඩලයට ඉදිරිපත් කර ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නා බව මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත.

මේ අතර ආණ්ඩුව තුළ තවදුරටත් රැඳී සිටිනවා ද යන්න පිළිබඳවත් ආසන සංවිධායකවරුන් ලබාදුන් තීරණය සම්බන්ධයෙන් ද ඉදිරියේදී තීරණයක් ගන්නා බව මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දී තිබේ.