BBC සහ CNN මාධ්‍ය ආයතන රුසියාව තුළ සිදුකළ මෙහෙයුම් නවතා දමයි

රුසියාව තුළ සිදුකළ සිය මෙහෙයුම් තාවකාලිකව නිමා කිරීමට බටහිර ප්‍රවෘත්ති ආයතන වන BBC සහ CNN මාධ්‍ය ආයතන තීරණය කර ඇති බව වාර්තා වනවා.
මේ අතර රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් විසින් ව්‍යාජ පුවත් පතුරුවන පිරිස් වෙත දඬුවම් පැනවීමට හැකිවන පරිදි නව නීති හඳුන්වාදීමට පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
අදාල නව නීති අනුව යුක්‍රේන-රුසියා යුධමය තත්ත්වය සම්බන්ධ ව්‍යාජ පුවත් ලෙස රජය සලකන පුවත් ප්‍රචාරය කර වරදකරුවෙකු වූ අයෙක් සඳහා වසර 15ක සිරදඬුවම් පැනවීමේ හැකියාව පවතිනවා.
මේ අතර සමාජ මාධ්‍ය සඳහා වාරණ පැනවීමටත් රුසියානු රජය පියවර ගෙන ඇති අතර ඒ අනුව ෆේස්බුක් සමාජ මාධ්‍ය රුසියාව තුළ තහනම් කිරීමටයි පුටින් රජය තීරණය කළේ.

