ගුවන් තහනම් දැම්මොත් වන්දි ගෙවන්න ලෑස්තිවෙන්න – පුටින්ගෙන් රතු එළියක්

ගුවන් තහනම් දැම්මොත් වන්දි ගෙවන්න ලෑස්තිවෙන්න – පුටින්ගෙන් රතු එළියක්

තම හමුදා යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් බටහිර රටවල් විසින් පනවන ලද සම්බාධක “යුද ප්‍රකාශ කිරීමකට සමාන” බවට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසයි.

යුක්රේන ජනාධිපතිවරයාගේ කීමට හිස නමා, යුක්රේනයට ඉහළ අහස රුසියන් ගුවන් යානාවලට තහනම් කළොත්, බටහිර රටවලට වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි පුටින් පවසා ඇත.

මේ වනවිට සෑම බටහිර රටක්ම රුසියන් ජනාධිපති පුටින්ට, ඔහුගේ රජයේ, හමුදාවේ සහ බුද්ධි අංශයේ ප්‍රධානීන්ට, ව්‍යාපාරිකයන්ට, බැංකුවලට ආර්ථික සම්බාධක පනවා ඇත. ඒ, රුසියාව ආර්ථිකමය වශයෙන් අඩපණ කිරීමටයි.

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සිය හමුදාවට පවසා ඇත්තේ යුක්රේන සිවිල් වැසියන් ආරක්ෂා කරමින්, යුක්රේන හමුදාව අඩපණ කිරීමට සටන් කරන ලෙසයි.. තමන්ට යුක්රේනය අල්ලා ගැනීමට අවශ්‍ය නම් දිගට හරහට පහර දී එය සිදු කළ හැකි නමුත්, යුක්රේන සිවිල් වැසියන්ගේ ආරක්ෂාවට මුල් තැන දීමට සිදුවනු ඇති බවත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පෙන්වා දී ඇත.

මේ අතර, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේනය ආක්‍රමණය කරමින්, යුක්රේනයේ සිටින රුසියන් බස කතා කරන රුසියන් සම්භවයක් ඇති වැසියන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමට ගන්නා උත්සාහයට සහාය පළ කරමින්, ජනාධිපති පුටින්ට ස්තුති කරමින් රුසියාවේ මොස්කව් අගනුවර ජන රැළියක් ද පවත්වා තිබෙන බව වාර්තා වේ.

https://bit.ly/3ILeYEj