ජනපති නිවස ඉදිරිපිට කාන්තාවන් දැක්වූ විරෝධය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිට සමගි වනිතාවන් විසින් විරෝධතාවයක් ඊයේ (5) දින සිදු කර තිබෙනවා.
එම කාන්තාවන් ඉල්ලා සිටින්නේ ගෑස් ,ඉන්ධන හා අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල අඩු කරන ලෙසයි .
මෙම විරෝධතාවයට නායකත්වය ලබා දී ඇත්තේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හා නිරෝෂා අතුකෝරල මහත්මිය බවටයි සමගි ජන බලවේගයේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
මේ අතර ඊයේ සජීවීව සිය ෆේස් බුක් වෙත පැමිණි හිරුණිකා
‘තමන් ඇතුළු පිරිසක් අද දහවල් ජනපති නිවස ඉදිරිපිට විරෝධයක් පැවැත්වූ බවත් එම අවස්ථාවේ ජනපතිට ලියුමක් ලබාදීමට කටයුතුකළ නමුත් ජනපති නොසිටි නිසා එය භාරදීමට නොහැකිවූ බවත් දන්වා ඇත.
රටේ ජනතාව වෙනුවෙන් තිබෙන ප්‍රශ්න ගැන දැනුවත්කිරීමට විරෝධයක් පළ කළ පසුව තමන්ගේ දරුවන් තිදෙනෙකු සිටින නිවස ඉදිරිපිටට පිරිසක් යොමු කර එකට එක කිරීම විහිළු සහගත බව ඇය කියා සිටියාය.
තමා සිටින්නේ නිවසින් පිටත බවත් කවුරුන් හෝ ජනපතිට කඩේ යන දේශපාලකයෙකු මේ පසුපස සිටිය හැකි බවත් තමා විශ්වාස කරන බවත් දන්වා ඇත.
තමාගේ නිවසට හානියක් කරන්නට කිසිවෙකු උත්සාහ කරන්නේ නම් ඒ ගැන තමා තදින් ක්‍රියා කරන බවත් පොලිසියට හා ජාත්‍යන්තරයට යන බවත් ඇය දන්වා සිටියාය.‘




