විමල් – උදය පස්සට තල්ලු වෙයි

විමල් – උදය පස්සට තල්ලු වෙයි

අමාත්‍ය ධුරවලින් ඉවත් කෙරුණු විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරුන්ට පසුපෙළ අසුන් පැනවෙන අතර හැත්තෑ තුන්වන සහ හැත්තෑ අටවන අසුන් ඔවුන්ට වෙන්කර ඇති බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසනවා.

කර්මාන්ත අමාත්‍යවරයා ලෙස පසුගියදා දිව්රුම්දුන් එස්.බී දිසානායක මහතාට ජ්‍යෙෂ්ඨත්වය අනුව ආණ්ඩු පක්ෂයේ මුල් පෙළ දෙවන අසුන වෙන් කරඇති බවද සඳහන්

එම අසුනේ සිටි ජී.එල් පීරිස් අමාත්‍යවරයාට අසුන් ගැනීමට දස වන ආසනය වෙන් කර ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස පත්වු දිලුම් අමුණුගම මන්ත්‍රීවරයාට තිස්වන ආසනය වෙන් කර ඇති අතර නැවතත් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වූ අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට වෙන්කර ඇත්තේ තිස්හය වන ආසනයයි.