යුක්රේන ජනාධිපතිව ඝාතනය කරන්න පැමිණි කණ්ඩායමට වැඩේ දෙයි

යුක්රේන ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ උත්සාහය සතියක් තුළ තෙවරක් අසාර්ථක වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ටයිම්ස් පුවත්පත අනාවරණය කරන්නේ, ජනාධිපතිවරයා ඝාතනයට රුසියාව එවන ලද කණ්ඩායම් දෙකක් පිළිබඳව තොරතුරු ලැබීමෙන් පසු යුක්රේනය එය ව්‍යර්ථ කර ඇති බවය.
එමෙන්ම සෙලෙන්ස්කි ඝාතනය කිරීමට පැමිණි කණ්ඩායම් දෙකක් විනාශ වූ බව යුක්රේනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු උපුටා දක්වමින් “වොෂින්ටන් පෝස්ට්” පුවත්පත ද අනාවරණය කළේය.

