අද සිට පාසල් යන දරුවන්ගෙන් සෞඛ්‍ය අංශ කළ ඉල්ලීම

අද සිට පාසල් යන දරුවන්ගෙන් සෞඛ්‍ය අංශ කළ ඉල්ලීම

පාසල් අද (07) ආරම්භ වුවද සෙම්ප්‍රතිශ්‍යාව කැස්ස සහ උණ පවතින දරුවන් පාසල් යැවීමෙන් වළකින්නැයි සෞඛ්‍ය අංශ මවුපියන්ගෙන් ඉල්ලා සිටියි.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා කියා සිටියේ එවැනි රෝග ලක්ෂණ සහිත දරුවන් සිටී නම් එම ලක්ෂණ පහවූ පසු ඔවුන් පාසල්වලට යැවීමට මවුපියන් වගබලා ගත යුතු බවයි.

විශේෂයෙන් වයස 12 ට අඩු දරුවන් කොවිඩ් එන්නත්කරණයට භාජනයවී නොසිටින හෙයින් මවුපියන්, ගුරුවරුන්, පාසල් බස් රථ රියදුරන් ,සහායකයන් පූර්ණ එන්නත්කරණයට ලක්වී සිටීම වැදගත් බව ද වෛද්‍යවරයා සදහන් කරයි.

එමෙන්ම පාසල් තුළදී දරුවන් ඒකරාශීවීම වැළැක්වීමටද ගුරුවරුන් කටයුතු කළ යුතු බව ද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.