ලෝකප්‍රසිද්ධ නළු විජේගේ පියා පාරට වැටුණද ?

“විජේයි” කියන්නෙ ලෝකප්‍රසිද්ධ නළුවෙක් විතරක් නෙමෙයි. ඔහු සිනමාවේ වීරයෙක්. ඒ වගේම ධන කුවේරයෙක්.
ඒත් මීට වසර 60 කට පෙර සිනමාව ජයග්‍රහණය කිරීමේ සිහිනය සමඟ චෙන්නායි වෙත පැමිණි එස්.ඒ.සී. හෙවත් තලපති විජේගේ පියා දින 47 ක් පමණ චෙන්නායි හි පදික වේදිකාවේ රැඳී සිටිනවා. තලපති විජේගේ පියා වන එස්ඒ චන්ද්‍රසේකර් 1980 දශකයේ දෙමළ සිනමාවේ ප්රමුඛ පෙළේ අධ්‍යක්ෂකවරයෙක් බවට පත් වෙන්නේ ඒ තරම් දුෂ්කර කාලයක් පසු කරගෙන ඇවිත්.
ඔහු දෙමළ භාෂාවෙන් පමණක් නෙමෙයි. කන්නඩ, හින්දි සහ තෙළිඟු යන භාෂාවලින් ද චිත්‍රපට අධ්‍යක්ෂණය කර තිබෙනවා. ඔහු අධ්‍යක්ෂණය කළ සත්තම් ඔරු ඉරුට්ටු අරයි, දේවා, වන්ස් මෝර්, නැංජිරුක්කුම් වරයි, නාන් සිගප්පු මනිදන් කියන්නේ අදටත් රසිකයින් ආදරේ කරන චිත්‍රපට කිහිපයක්.
දැනට දෙමළ සිනමාවේ ඉහළම අධ්යක්ෂවරුන් වන ශංකර්, එම්. රාජේෂ් සහ පොන්රාම් කලකදී ඔහු සමඟ සහාය අධ්යක්ෂවරුන් ලෙස කටයුතු කළා. විජේ සහ ඔහුගේ පියා වන එස්.ඒ චන්ද්‍රසේකර් පසුගිය වසර කිහිපය තුළ මතභේද හේතුවෙන් අමනාප වෙලයි හිටියේ.
ඒ තලපති විජේයිගේ නමින් මැතිවරණ පක්ෂයක් ඔහුගේ අකමැත්ත පිට පවත්වාගෙන යාම නිසයි. විජේයි ඒ වෙනුවෙන් නඩුවක් පවා ගොනුඉ කළා. මෙම තත්ත්වය තුළ අධ්‍යක්ෂක එස්ඒ චන්ද්‍රසේකර් චෙන්නායි නගරයේ පදික වේදිකාවේ වැතිර සිටින වීඩියෝවක් නිකුත් වූ අතර එය සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස ප්‍රචලිත වුණා.
ඒත් ඒක එස්.ඒ.සී. අලුතින් පටන් ගත්තු යූටියුබ් චැනල් එකේ වීඩියෝ එකක්. වීඩියෝවේ ඔහු සිනමාවේ අත්කරගත් දේ සහ ඔහු මුහුණ දුන් අභියෝග ගැන කතා කරනවා. ඉතින් ඔහු පදික වේදිකාවේ සිට වීඩියෝව නිකුත් කළේ මන්දැයි ඔබ කල්පනා කරනවා ඇති, එයට හේතුවක් තිබෙනවා. ඒ ඔහු තම සිනමා සිහිනය ආරම්භ කළේ පදික වේදිකාවෙ නිසයි. ඔහුට ඒ අතීතය අපූරු මතකයක්.
https://www.indiaherald.com/Movies/Read/994483036/Is-this-the-situation-for-Vijays-father-

