විදුලි කප්පාදුව කඩාකප්පල්කාරි ක්‍රියාවක් – නාමල් රාජපක්ෂ

විදුලි කප්පාදුව කඩාකප්පල්කාරි ක්‍රියාවක් – නාමල් රාජපක්ෂ

අද වන විටත් විදුළි කප්පාදුව සිදුවීම කඩාකප්පල්කාරි ක්‍රියාවක් නම් ඒ සදහා නීතිය ක්‍රියාත්මක කළයුතු බව අමාත්‍ය නාමල් රාජපක්ෂ අවධාරණය කරනවා.

මාර්තු 05 වනදායි පසු විදුළි කප්පාදුවක් සිදුනොවන බවට ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවකදී අදාළ බලධාරින් ප්‍රකාශ කළද මේ දක්වාව කප්පාදුව සිදුවීම ගැටලුකාරි තත්වයක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

අද කොළඹදී මාධ්‍යයට අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ කියා සිටියේ මෙම සිදුවීම පිටුපස යම්කිසි කුමන්ත්‍රණයක් පවතින බවයි.