රුසියන් යුක්රේන යුද පිටියේ මංගල සීනු හැඬවෙයි

යුක්රේනයේ යුද්ධය 11 වැනි දිනටත් ඇවිලී යද්දී, යුක්රේන සටන්කාමීන් දෙදෙනෙක් වටා යුද බිමේ සිදුවූ අපූරු සිදුවීමක් ලොවපුරා බොහෝදෙනෙකුගේ අවධානයට යොමුව තිබෙනවා.
මෙහිදී සිදුව ඇත්තේ විවාහ මංගල්‍යය දෙකක්.
කියුව් යුද පෙරමුණට එක්ව සිටින යුක්රේන යුවළක් වන Lesya සහ Valeriy මෙලෙස යුග දිවියට එක්ව තිබෙනවා.
මීට දින කිහිපයකට පෙර එවැනිම තවත් යුවළක් වන ක්ලෙවෙට්ස් සහ නටාලියා ව්ලැඩිස්ලේව් යුක්රියානයේ ඔඩෙස්සා හි බෝම්බ නවාතැනකදී විවාහ දිවියට එලබුනා.
බෝම්බ කූඩාරමේ සිටි යුවළගේ ඡායාරූප කිහිපයක් බෙලරුසියානු මාධ්‍ය ආයතනයක් විසින් පළ කර ඇති අතර මනාලයා නිල ඇඳුමකින් සැරසී සිටින අතර මනාලිය මල් කළඹක් අතැතිව සිටිනවා.



