ආර්ථික අර්බුදයෙන් රට ගොඩගන්න සියළු කටයුතු කරනවා

ආර්ථික අර්බුදයෙන් රට ගොඩගන්න සියළු කටයුතු කරනවා

ඩොලර් හිඟය හමුවේ ආර්ථිකය පත්ව ඇති අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරගෙන යන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම සමඟ ඊයේ (08) පැවති සාකච්ඡාවේ දී ප්‍රකාශ කර ඇත .

එබැවින් ඒ සම්බන්ධයෙන් කලබල විය යුතු නැතැයිද ඇමතිවරයා පෙන්වා දී ඇත.

මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සහ ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් අතර හමුව පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ පස්වරුවේ පැවැත්විණි .

ආණ්ඩුවේ පසුපෙළ නියෝජනය කරන නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත මහතා හැර පසුපෙළ අනෙකුත් මන්ත්‍රීවරුන් සියලු දෙනාම ඊට සහභාගි වූ බව වාර්තා වේ.