පුටින්ට බය නෑ, මම හැංගෙන්නෙත් නෑ, මම ඉන්නේ කිව් අගනුවර – සෙලෙන්ස්කී

පුටින්ට බය නෑ, මම හැංගෙන්නෙත් නෑ, මම ඉන්නේ කිව් අගනුවර – සෙලෙන්ස්කී

යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී පවසා සිටියා රුසියාව තමන් ඝාතනය කිරීමට අවස්ථා තුනකදී උත්සාහ ගත් නමුත් එම උත්සාහයන් ආසාර්ථක වුණු බවය.

තමන් රුසියාවට හෝ පුටින් ට හෝ බියක් නොමැති බවත්, මැරෙන්න සූදානම් බවත්, සෙලෙන්ස්කී වීඩියෝ පණිවුඩයකින් පවසා තිබේ. එමෙන්ම තමන් කීව් අගනුවර සිටින බවත් සැඟවී නැති බවත් ජනාධිපති සෙලෙන්ස්කී වැඩි දුරටත් පවසා ඇත.

රුසියාව යුක්රේනය ආක්‍රමණයට කර මේ වනවිට සති දෙකක කාලයක් ගතවී ඇත. රුසියන් ජනාධිපති පුටින්ගේ අරමුණ වී ඇත්තේ දින දෙකක් පමණ යනවිට යුක්රේනය යටත් කර ගැනීමට යැයි ද පැවැසෙයි.

ඒ කෙසේ වෙතත් යුක්රේන හමුදා ප්‍රතිප්‍රහාර හමුවේ රුසියන් හමුදාව දැඩි පසුබැසීමකට ලක් වී ඇතැයි රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන ඇමෙරිකන් බුද්ධි අංශ පවසයි.

ඇමෙරිකන් ජාතික බුද්ධි අංශ ප්‍රධානී ඒව්රිල් හේයින්ස් කොංග්‍රස් මණ්ඩලය ඉදිරියේ පෙනී සිටිමින් රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් බුද්ධි අංශ එක්රැස් කරගත් සියලු තොරතුරු අනාවරණය කළාය.

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ට අවශ්‍ය වී ඇත්තේ යුක්රේනයේ බටහිර හිතවාදී ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී බලයෙන් නෙරපා රුසියාවට හිතවාදී ‘රූකඩ පාලනයක්’ ස්ථාපිත කිරීමට බවත් එය සාර්ථක කර ගැනීම අසීරු වී ඇති බවත් ඒව්රිල් හේයින්ස් කොංග්‍රස් මණ්ඩලය හමුවේ පැහැදිලි කළාය.

https://bit.ly/3hUp6Po