රට සංවර්ධනය කරන්න ආණ්ඩුවට වැඩ පිළිවෙලක් නෑ

රට සංවර්ධනය කිරීම සඳහා ආණ්ඩුව සතුව නිවැරදි වැඩපිළිවෙලක් නොමැති බව හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පවසනවා.
” සිරිමාවෝ ” නමින් හිටපු අග්රාමාත්ය දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ඡායාරූප එකතුවක් ඇතුළත් ග්රන්ථයක් බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා කෞතුකාගාරයට භාරදීම නිමිත්තෙන් පැවති උත්සවයකින් අනතුරුව ඇය මේ බව සඳහන් කළා.


